දේශීය ආර්ථිකය බලගන්වන ලිට්රෝ ගෑස්
මීට අමතරව ලිට්රෝ ගෑස් විසින් දැඩි ආරක්ෂණ ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කර ඇති අතර නිෂ්පාදන සහ බෙදාහරි ඇතුළු ක්‍රියාවලියේ සෑම පියවරකදීම ආරක්ෂාව සහතික කිරීම නිසැකව අරමුණු කරගනී. මෙම පියවර සැලසුම් කර ඇත්තේ නිෂ්පාදනයේ සිට බෙදාහැරීම දක්වා සැපයුම් දාමය පුරා ආරක්‍ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීමටයි. අපගේ සේවකයින්ගේ හා පාරිභෝගිකයින්ගේ යහපැවැත්ම සහ ආරක්‍ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීමට අමතරව නොයෙකුත් සමාජ වගකීම්වලට දායක වීම ද ලිට්රෝ විසින් සිදුකෙරෙන ජාතික මට්ටමේ කාර්‍යභාරයන් අතර වේ. ජාතික පරිවර්තනයේ ප්‍රධානතම කොටස් තුන වන ආර්ථිකය, සමාජය සහ පරිසරය පදනම් කරගෙන සිදුවන අතර LP ගෑස්වල ප්‍රතිලාභ පිළිබඳ සිසුන් බලගන්වන ක්‍රියාකාරකම් රාශියක් ද තිබේ. අනෙකුත් ඛනිජ ඉන්ධන හා සසඳන විට හරිතාගාර වායුව විමෝචනය කිරීම අවම ඉන්දනයක් වන එල්. පී ගෑස් ප්‍රවර්ධනය කිරීම මගින් ලිට්රෝ සමාගම පාරිසරික සංරක්ෂණයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.
එසේම ලිට්රෝ ගෑස් සමාගම රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සහ දේශීය ව්‍යාපාරවලට සහාය වීම සඳහා ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කර ඇත. එල් පී ගෑස් මිල දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යාමෙන් සහ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පවා ඕනෑම තැනක ලබා ගත හැකි වීම මගින් ලිට්රෝ සමාගම විසින් රැකියා රාශියක් සුරක්ෂිත කර ඇති බව තහවුරු වේ. එලෙස දේශීය ව්‍යවසායකයන් සුරක්ෂිත කර ඇති අතර ආර්ථික අර්බුදවලට ඔරොත්තු දීමට ඉතාමත් ශක්තිමත් පදනමක් එමගින් තනා දී තිබේ.

No comments: