LP ගෑස් භාවිතයේ ඉතිරිය සහ වාසිය, ලිට්රෝ සමග සිටින ඔබ සැමට.


සාමාන්‍ය ජන ජීවිතය පහසු සහ කාර්‍යක්ෂම කර ගැනීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් ඉදිරියෙන්ම  සිටි. එදිනෙදා මඟ දෙපස සිටින සුළු ව්‍යාපාරිකයාගේ සිට සංචාරක ක්ෂේත්‍රය වර්ණවත් කරන හෝටල් ජාලයන් සහිත මහා ව්‍යාපාරිකයන් දක්වා ලිට්රෝ ගෑස් මහා මෙහෙයක් ඉටු කරයි.මංගල උත්සවයේ සිට අවමංගල්‍යය උත්සවය දක්වා ජීවිතයත් මරණයත් අතර සෑම සුවිශේෂී සංසිද්ධියකදීම අපි සිතා හෝ නොසිතා LP ගෑස් පරිභෝජනයේ යෙදී සිටිමු. LP   ගෑස් යනු මනුෂ්‍ය ජීවිතයේ කාලය  සහ ශ්‍රමය උපරිම උපයෝගීතාවයකින් යුත්ව පරිහරණය කිරීමට ලැබුණු සම්පතකි. 


 සාමාන්‍යයෙන් ලංකාවේ දෛනික LP ගෑස් ඉල්ලුම සිලින්ඩර 80 000ක් පමණ වෙනවා. ඊට අමතරව ග්‍රාමීය පෙදෙස්වල තවමත් දර භාවිතය සිදු වෙනවා. නමුත් පසු ගිය කාලයේ සිදු වූවාක් මෙන් දිර්ඝකාලින වැසි තත්වයක් ඇතිවුවහොත් දර භාවිතයෙන් ඉවුම් පිහුම් කිරීම අඩාල වන බව අපේ ගෘහණියෝ හොඳින් ම දන්නවා.  ඒ නිසා ගමේ බොහෝ නිවෙස්වලත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් වරදින් නෑ. දර වගේ නෙවේ ප්‍රවාහන කිරීම සහ ගබඩා කිරීමත් ඉතා පහසුයි. පාවිච්චියත් ඉතා පහසුයි. ලිට්රෝ ගෑස් ඉල්ලුම දිනෙන් දින වැඩි වෙන්නේ ඒනිසා.


නොයෙකුත් දැවීම්වලදී නිකුත්වන ක්ලෝරොෆ්ලෝරො කාබන් කිසිසේත්ම පරිසර හිතකාමී නැහැ. ඒ වෙනුවට සොයාගත් හොඳම විකල්පයක් තමයි  LP ගෑස්. ඕසෝන් වියනේ සුරක්ෂාවට මේ සොයාගැනීම ඉතා වැදගත්. ඒ නිසා ගෑස් භාවිතය පරිසර හිතකාමි අදහසක්. 


ඒ වගේම දර කිලෝ 116කින් කරන වැඩේ එක ගෑස් සිලින්ඩරයකින් කරන්න පුළුවන්. නිරන්තරයෙන්  දර දැවීමේදී, දර ලිප ළඟ සිටීමේදී නොයෙකුත් ශ්වසන රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් තියෙන නිසා ලිට්රෝ ගෑස් භාවිතය සැමවිටම ඔබටත් රටටත් හිතකරයි. 


එමෙන්ම මේ වනවිට ලංකාව පුරා LPG ගෑස් උඳුන් මිලියන 2.4 ක් දැල්වෙන බවට වාර්තා වෙනවා . ඒ අනුව බලන විට තත්පරයකට ගෑස් උඳුන් 70ක් රට පුරා දැල්වෙනවා. ගෑස්, පරිසර හිතකාමී බලශක්ත විශේෂයක් වනවාට අමතරව මෙය ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකය නංවාලන ස්වයං රැකියා හෝ  සුළු ව්‍යාපාර වෙනුවෙන් භාවිතා කළ හැකි ලාබදායි  බලශක්තියක්


LP ගෑස් භාවිතයේ ඉතිරිය සහ වාසිය, ලිට්රෝ සමග සිටින ඔබ සැමට. LP ගෑස් භාවිතයේ  ඉතිරිය සහ වාසිය, ලිට්රෝ සමග සිටින ඔබ සැමට. Reviewed by News Hub on February 10, 2025 Rating: 5

No comments:

Powered by Blogger.