ලෝක වෙළෙඳපලේ ගෑස් මිල වැඩි වුනත්, ලිට්රෝ සමාගමේ මිල වැඩි වීමක් කරන්නේ නෑ.
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව පෙබරවාරි මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්රෝ ගෑස් ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කල බවයි.
ජනවාරි මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසයටද අදාල වේ. 12.5kg සිලින්ඩරයක් රුපියල් 3690ක්, 5kg සිලින්ඩරයක් 1482ක්, 2.3kg සිලින්ඩරයක් 694ක් ලෙස මිල සටහන් වෙයි.
ලෝක වෙළෙඳපලේ ගෑස් මිල වැඩි වුනත්, ලිට්රෝ සමාගමේ මිල වැඩි වීමක් කරන්නේ නෑ.
Reviewed by News Hub
on
February 11, 2025
Rating:

No comments: