ආරක්ෂාකාරී ලෙස ලිට්රෝ ගෑස් පරිහරණය කරන්න.
ගෙදර වැඩට, කඩේ වැඩට, බෝඩිමට ලේසියට පහසුවට ලිට්රෝ ගෑස් ගන්න එක හරිම ලේසියි. විදුලි බිලේ වැඩිවීමක් නැතුව බෝඩිමේ හරි ගෙදර හරි පහසුවෙන් උයන නම් ලිට්රෝ ගෑස් පුංචි සිලින්ඩරයක් ළඟ තියාගත්තොත් ලේසියි. ඒ නමුත් ගෑස් පාවිච්චි කරද්දි සරල ආරක්ෂාරී පියවරයන් අනුගමනය කරන්න ඔබ පුරුදු වෙන්න ඕන. රෙගියුලේටරය සහ උඳුන අතර සම්බන්ධතාව නිසි පරිදි පවත්වා ගැනීමට ක්ලිප් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඔබේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයට සම්බන්ධ සියලුම උපාංගවල ප්රමිතිය පිළිබඳ සැලකිලිමත් වෙන්න. බලයලත් ලිට්රෝ අලෙවි නියෝජිතයෙකුගෙන් හෝ බෙදාහරින්නෙකුගෙන් ලබාගත් ලිට්රෝ ගෑස් අනුමත රෙගියුලේටර සහ හෝස් බට පමණක් භාවිතා කරන්න. ඒ වගේම හිතු මනාපෙට නුසුදුසු මෙවලම් යොදා ලිට්රෝ ගෑස් සිලින්ඩරය අලුත්වැඩියා කිරීමෙන් වළකින්න.
ඔබට සිතෙන පරිදි ඇණ, ඉස්කුරුප්පු ඇණ, නියන් සහ කම්බි ඇණ යොදා ලිට්රෝ ගෑස් සිලින්ඩරය අලුත්වැඩියා කිරීමෙන් ගෑස් සිලින්ඩරයට හානි සිදු වී ඔබට අනතුරක් සිදු විය හැකි නිසා ආරක්ෂාවට මුල් තැන දෙන්න.
ගෑස් උඳුන ගැන නිරන්තර අවධානයෙන් ඉන්න. රෙගියුලේටරයට, හෝස් බටයට හානි වී ඇත්නම් මාරු කරන්න දෙවරක් හිතන්න එපා. රෙගියුලේටරයේ හා හෝස් බටයේ ගෙවීම්, ඉරිතැලීම් හො කාන්දුවීම් ඇත්දැයි නිතර පරීක්ෂාවෙන් පසුවීමෙන් ඔබට අනතුරු අවම කරගන්න පුළුවන්. රෙගියුලේටරය වසර 5කට වරක් ද, හෝස් බටය වසර 2කට වරක් ද මාරු කරන්න.ගෑස් උඳුන පිළිබඳ සැලකිලිමත් වන්න. එහි නිෂ්පාදකයාගේ උපදෙස් පිළිපදින්න.
බලයලත් ලිට්රෝ අලෙවි නියෝජිතයෙකුගෙන් හෝ බෙදාහරින්නෙකුගෙන් ලබාගත් ප්රමිතියෙන් යුත්රෙගියුලේටර සහ හෝස් බට පමණක් භාවිතා කරන්න.
ඔබ භාවිතා කරන්නේ ස්වයංක්රීය නොවන ගෑස් උඳුන නම් එම උඳුන ප්රවේශමෙන් දල්වන ආකාරය පිළිබඳ පවුලේ සැම දැනුම්වත් කරන්න.
1 රබර් හෝස් බටය, ගෑස් උඳුන මතුපිට ස්පර්ෂ නොවන පරිදි පවත්වා ගන්න.
2. ගිනි කූර හෝ ලයිටරයක් දල්වා ගන්න.
3. ගිනි දැල්ල බර්නරයට ළං කරන්න.
4. ගෑස් උඳුන on කරන්න.
5. ගෑස් උඳුන on කර තිබියදි ගිනි කූර හෝ ලයිටරය දල්වා ගැනීමෙන් වළකින්න.
මේ සියලු දැනුවත් කිරීම් පාරිභෝගික ඔබ සැමගේ ආරක්ෂාව පිණිසමයි
No comments: