ආර්ථිකය සුරක්ෂිතතාවය සුරකින කර්මාන්ත අංශයේ බල කණුව ලිට්රෝ ගෑස්..


රටක දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රධාන වැදගත්ම අංශය තුන වනුයේ, කෘෂිකර්මාන්තය, කර්මාන්ත අංශය සහ සේවා අංශය, යන ප්‍රධාන කාණ්ඩ තුනයි. ඒ අතරින් කර්මාන්ත අංශය යනු රටක ආර්ථික ස්ථාවර මට්ටමට රැගෙන ඒම සඳහා අති විශාල දායකත්වයක් දක්වන ප්‍රධානම අංශයකි.


ඊට අමතරව රටේ ආර්ථික ස්ථායීතාවය සමතුලිතව පවත්වාගෙන යාම සඳහා විදුලිය ගෑස් සහ ඛනිජ තෙල් යන ප්‍රධාන සාධක තුනත් අත්‍යවශ්‍යයි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගෑස් සැපයුම්කරු වන ලීටර් ගෑස් සමාගම එතෙක් මෙතෙක් කාලය පුරාවටම කර්මාන්ත අංශයේ අඛණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් ඇප කැප වූ සමාගමකි.


එකී ක්‍රියාවේ ප්‍රධාන මෙහෙයුම්කරුවකු වූ ලිට්රෝ සමාගම කර්මාන්තාංශය නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දුන් බවත් ඉදිරියට ලබා දෙන බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.


ආහාර නිෂ්පාදනය, ටයිල් කර්මාන්තය, බේකරි කර්මාන්තය, ඇලුමීනියම් කර්මාන්තය, වීදුරු කර්මාන්තය සහ රෙදි පිළි කර්මාන්තය ඇතුළු කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝගෑස් සමාගම පැය 24 පුරාවටම නොකඩවා LP ගෑස් ලබාදීම තුලින් රටේ ආර්ථිකයට අති විශාල දායකත්වයක් ලබා දී ඇත.


Liquefield Petroleum Gas හි අන්තර්ගත වන පරිසර හිතකාමී සංඝටක හේතුවෙන් සහ මෙය ඉතාමත් ලාභදායක මට්ටමෙන් ලබාගත හැකි බල ශක්ති ප්‍රභවයක් වන බැවින් කර්මාන්තාංශයේ ඉහළ ඵලදායිත්වය සඳහා විශාල දායකත්වයක් ලබාදෙයි.


ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව ශ්‍රී ලංකාවට ආනයනය කරන LP ගෑස් නිරන්තරයෙන්ම නව්‍යකරණය වූ මුහුණුවරකින් සහ උසස් තාක්ෂණයකින් යුක්තව වෙළඳපලට පැමිණෙන බවත් සිහිපත් කළ යුතුයි.


ලංකාව පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් ජාලාව ඔස්සේ ක්ෂණිකව බෙදා හැරීමේ කටයුතු සිදු කරන LP ගෑස් සමාගම අතීතයේත් වර්තමානයේදී වගේම අනාගතයේදීත් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන බල කණුව ලෙස අති විශාල සේවයක් ලබාදීමට සූදානම්.

ආර්ථිකය සුරක්ෂිතතාවය සුරකින කර්මාන්ත අංශයේ බල කණුව ලිට්රෝ ගෑස්.. ආර්ථිකය සුරක්ෂිතතාවය සුරකින කර්මාන්ත අංශයේ බල කණුව ලිට්රෝ ගෑස්.. Reviewed by News Hub on December 13, 2024 Rating: 5

No comments:

Powered by Blogger.