මේක බලපු හැමෝම අදම එල්පී ගෑස් වලට මාරු වේවි.


ලෝකයේ ජීවත්වන බහුතරයක් දෙනා කාර්ය බහුල ජීවිතයක් තමයි ගත කරන්නේ.මේ කාර්යබහුල ජීවිතයේදී ආහාර පිසීම කියන්නේ ඔවුන්ට ටිකක් වෙලාව වැය වෙන වැඩක්.හැබැයි එල්.පී ගෑස් සොයාගැනීමත් සමඟම  බොහෝ දෙනෙක්ට කාලය සහ වැඩ පහසු කරන බල ශක්තියක් ලෙස එය ප්‍රයෝජනවත් වුණා.


ඉතින් මේ දැනුවත් කරන්න සූදානම් වෙන්නේ බොහෝ දෙනෙක් නොදත් එල් පී ගෑස් භාවිතා කිරීමේදී ඔබට ලැබෙන වාසී සහගත අවස්ථාවන් කීපයක් පිළිබඳවයි.


1) ප්‍රවාහනය සහ ගබඩා කිරීමට පහසුවීම

එල්.පී ගෑස් සිලින්ඩර් විවිධ ප්‍රමාණයෙන්  වෙළඳපළ මිලදී ගැනීමට හැකියාව පවතිනවා.ඒ වගේම මේවා ගබඩා කිරීමට වැඩි ඉඩ කඩක් වැය නොවන නිසාත් වර්තමානය වන විට ගෙදරටම ගෑස් සිලින්ඩර ලබා ගැනීමට හැකිවීම කියන පහසුකම් නිසා බහුතරයක් දෙනාට එය වාසි සහගත තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්.


2) පරිසරයට හිතකර වීම

දර වැනි අනිකුත් බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමේ දී එය දහනය වීමත් සමඟම පරිසරයට නිකුත් වන අහිතකර වායුමය තත්ත්වයන් නිසා අධික වශයෙන් පරිසර දූෂණය සිදුවෙනවා. නමුත් එල්.පී ගෑස් භාවිතා කිරීමත් සමඟම එවැනි තත්ත්ව මඟ හරවා ගැනීමට හැකියාව පවතිනවා.


3) ශ්වසන රෝග අවම වීම

වෛද්‍ය විද්‍යානුකූලව දර වැනි බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමේදී විවිධ ශ්වසන රෝග වැළඳීමට ඇති ඉඩකඩ වැඩි බව පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇත.නමුත් එල්.පී ගෑස් භාවිතා කිරීමේදී එවැනි තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාව පවතී.


ඊට අමතරව පිරිසිදු කිරීම හා පරිහරණය පහසුවීම,වේලාව ඉතිරිවීම වැනි වාසි සහගත තත්ත්වයන්ද  එල්පී ගෑස් භාවිතා කරන ඔබට ලබාගත හැකිය.


මේක බලපු හැමෝම අදම එල්පී ගෑස් වලට මාරු වේවි. මේක බලපු හැමෝම අදම එල්පී ගෑස් වලට මාරු වේවි. Reviewed by News Hub on October 06, 2024 Rating: 5

No comments:

Powered by Blogger.