රනිල්ගේ නිවසට ගිනි තැබූවන් පිලිබද තවමත් පරීක්ෂණ. ආසාත් සහ තවත් ⁣දෙදෙනෙකු එනතුරු පොලිසිය සෙවිල්ලෙන්.

 


2022 ජුලි 09 වන දින එවකට ජනාධිපතිධූරයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 03 පස්වන පටුමගේ පිහිටි පුද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනි තැබූ අතර එම සැකකරුවන් හදුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වෙයි.


සිද්ධිය සම්බන්දයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ගිනි තැබීමට සම්බන්ධ අරගලකරුවන් 14 දෙනෙකුගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීම 2022 ජුලි 27 වනදා සිදු වූ අතර ඉන් කිහිප දෙනෙකු හදුනාගැනීමට හැකි වූ බව පොලිස් අපරාධ දෙපාර්තමේන්තුව පවසයි.


එසේම මෙම ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අතර සිටි මොහොමඩ් ආසාත් නම් තැනැත්තා මේ වන විටත් දිවයිනයින් පිටත්ව ගොස් ඇති බවත් ඔහු මෙරටට පැමිණි විගසම තමන් ඔහුව අත් අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බවත් පොලිස් අපරාධ දෙපාර්තමේන්තුව තව දුරටත් පවසයි.


රනිල්ගේ නිවසට ගිනි තැබූවන් පිලිබද තවමත් පරීක්ෂණ. ආසාත් සහ තවත් ⁣දෙදෙනෙකු එනතුරු පොලිසිය සෙවිල්ලෙන්. රනිල්ගේ නිවසට ගිනි තැබූවන් පිලිබද තවමත් පරීක්ෂණ. ආසාත් සහ තවත් ⁣දෙදෙනෙකු එනතුරු පොලිසිය සෙවිල්ලෙන්. Reviewed by News Hub on September 27, 2024 Rating: 5

No comments:

Powered by Blogger.